ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ඉඩම්වල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති දත්තවලට අනුව, 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ෂික ඉඩම් තක්සේරු දර්ශකය 11.4% කින් ඉහළ ගොස් ඇත. තවද, 2024 වසරේ පළමු භාගයේදී 4.7% ක් ලෙස සටහන් වූ අර්ධ වාර්ෂික වර්ධනය 2025 වසරේ පළමු භාගය වන විට 8.3% ක් දක්වා වැඩි වී තිබේ.
මහ බැංකු වාර්තාවට අනුව, 2025 වසරේ පළමු භාගයේදී නේවාසික ඉඩම් තක්සේරුව 14.4% කින්ද, වාණිජ ඉඩම් තක්සේරුව 11.5% කින්ද, කාර්මික ඉඩම් තක්සේරු දර්ශකය 8.4% කින්ද වර්ධනය වී ඇති බව වාර්තා වේ.














