විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් මහපොළ භාරකාර අරමුදල මඟින් නව තොරතුරු පද්ධතියක් හඳුන්වා දී තිබේ.
මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදීම සම්බන්ධ සියලු තොරතුරු මෙම නව පද්ධතියට ඇතුළත් කර ඇති බව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සඳහන් කරයි. ඒ අනුව, අදාළ වෙබ් අඩවිය හරහා මෙම මස (අගෝස්තු) සිට අදාළ තොරතුරු පද්ධතිය සිසුන් වෙත විවෘත වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.














