සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවන්නන් හඳුනාගෙන ඔවුන් සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ මීට එක්ව සිටියහ. පලතුරු ගොවීන් සහ අතරමැදි වෙළෙඳුන් දැනුවත් කිරීම, “වස විසෙන් තොර පලතුරු ඉදවන ආදර්ශ තාක්ෂණික කුටි” සකස් කිරීම මෙන්ම රසායනික ශේෂ ඉක්මනින් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටල හඳුන්වා දීම මෙහිදී අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ හරහා පාරිභෝගිකයාට වස-විසෙන් තොර සෞඛ්යාරක්ෂිත පලතුරු ලබාදීම සහ පසු අස්වනු හානි අවම කිරීම අරමුණු කර ඇත.














