මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ජලාශ රැසක් සිඳී යෑමේ තර්ජනයට ලක්ව ඇති අතර, ඉන් ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම ගොවිතැන් කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. අක්කර අඩි 15,400ක ජල ධාරිතාවක් පවතින, අක්කර 2,250ක් පමණ පෝෂණය වන ප්‍රධාන වාරි යෝජනා ක්‍රමයක් වන තබ්බෝව ජලාශයේ ජල මට්ටම මේ දිනවල ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතියි.
ජලාශය අභ්‍යන්තරයේ පැවැති දිරා ගිය ගස් කඩා වැටීමේ තත්ත්වයක්ද පවතින අතර, ගොවි පවුල් 2,000කට ආසන්න සංඛ්‍යාවක් තම ජීවනෝපාය සඳහා මෙම ජලාශයේ වාරි ජලයෙන් යැපෙති. මීට අමතරව, මිරිදිය ධීවර පවුල් විශාල සංඛ්‍යාවක්ද සිය ජීවනෝපාය පවත්වා ගෙන යන්නේ මෙම ජලාශය හරහාය. ඉදිරි දිනවලදී පවතින වියළි කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් වැව ආශ්‍රිතව ජීවනෝපාය සරි කරගන්නා ජනතාව තවත් දැඩි පීඩාවට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.














