දකුණු ආසියාවේ ප්‍රථම හරිත විශ්වවිද්‍යාලය වන NSBM හරිත සරසවිය, 2016 සිට 2026 දක්වා වූ දශකය තුළ මෙරට ආර්ථිකයට සහ සමාජයට ලබාදුන් ජාතික දායකත්වය Deloitte FAS (Pvt.) Ltd. විසින් සිදු කරන ලද ආර්ථික බලපෑම් ඇගයීමක් මඟින් අනාවරණය කර තිබෙනවා.
ස්වයං මූල්‍ය පදනමකින් ක්‍රියාත්මක වන මෙම විශ්වවිද්‍යාලය සිය පළමු දශකය තුළ සිසුන් 41,000කට වැඩි පිරිසකට අධ්‍යාපන අවස්ථා ලබාදී උපාධිධාරීන් 22,855ක් බිහිකරමින්, ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 115.5ක සමුච්චිත දළ අගය එකතු කිරීමක් සිදු කර ඇති බවත්, එමඟින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 337.8ක විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට දායක වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එසේම, NSBM උපාධිධාරීන්ගෙන් 86%ක් ස්ථිර රැකියාවල නිරත වන අතර, හෝමාගම ප්‍රදේශයේ ජීවනෝපායන් 22,000කට වැඩි සංඛ්‍යාවකට මේ හරහා සෘජු හා වක්‍ර සහාය ලැබී ඇත.














