අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරනු ලබන රුපියල් බිලියනයක විදේශ විනිමය ජාවාරම පිළිබඳ විමර්ශනය ආරම්භ වී ඇත්තේ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී හමුවූ මුදල් සම්භාරයක් හේතුවෙනි.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මෙදවත්ත මහතා පවසන පරිදි, සාමාන්‍ය මාර්ග පරීක්ෂාවකදී ත්‍රිරෝද රථයක තිබී හමුවූ ලක්ෂ සංඛ්‍යාත මුදලක් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර තිබේ. පසුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ කිසිදු ආනයනයක් සිදු නොකර, ව්‍යාජ සමාගම් සහ බැංකු නාලිකා හරහා මෙරටින් විශාල වශයෙන් විදේශ විනිමය විදෙස් ගිණුම් වෙත යවා ඇති බවයි.
බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයෙන් ආරම්භ වූ මෙම පරීක්ෂණ පසුව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය (CCIB) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු සහ බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් තවදුරටත් රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















