විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වන්නේ හොරු යැයි ඇතැම් ඇමතිවරු සහ මන්ත්‍රීවරු ප්‍රකාශ කරන බවත්, එසේ නම් එම යෝජනාවට විරුද්ධ වී සිටින ගරු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් හොරුන්දැයි බරපතළ ප්‍රශ්නයක් මතුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බවට විපක්ෂය සහ විවිධ පාර්ශ්ව නගන තර්ක සාධාරණ බවයි. තවද, 16 ව්‍යාපරයන්ට අඩු දරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමේ යෝජනාවට තම විරුද්ධත්වයක් නොමැති නමුත්, ඒ සඳහා මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව සහ ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්දැයි ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
















