සෙනොක් (Senok) සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Changan, Deepal සහ Nevo වාහන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වන Prime EV Automobiles (Pvt) Ltd, උතුරු මැද පළාත තුළ සිය අලෙවි ජාලය තවදුරටත් පුළුල් කරමින් අනුරාධපුරයේ නව ප්රදර්ශනාගාරයක් විවෘත කර තිබේ.
අනුරාධපුර, කුරුන්දන්කුලම, මිහින්තලේ පාර, අංක 51 දරන ස්ථානයේ පිහිටි Isuru Uyana Group පරිශ්‍රයේ මෙම නව ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත. මේ හරහා ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට නවතම Changan, Deepal සහ Nevo වාහන මාදිලි පහසුවෙන් අත්විඳීමට සහ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
පාරිභෝගික පහසුව තවදුරටත් ඉහළ නැංවීම සඳහා Prime EV ආයතනය විසින් අනුරාධපුරයේ පිහිටි සෙනොක් සමූහයේ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ විශේෂිත අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට නියමිතය. මෙම මධ්‍යස්ථානය මඟින් වාහන නඩත්තුව, සේවා කටයුතු, ජෙනුයින් අමතර කොටස් සහ තාක්ෂණික සහාය ඇතුළු පුළුල් සේවාවන් රැසක් පාරිභෝගිකයන්ට ලබාගත හැකි වනු ඇත.














