ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘අහසින් එහා’ මියැසි අත්දැකීම හෙට (අගෝස්තු 22) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පස්වරු 6.30 ට අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විශ්වවිද්‍යාලීය සුබසාධන සහ කලාත්මක ප්‍රවේශයන් වෙනුවෙන් ඉටුකරන සුවිශේෂී කාර්යභාරයක් වන මෙම ප්‍රසංගයේදී ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන්. කාසිම්ගේ ගී පද රචනා ගැයෙයි. භාතිය සහ සන්තුෂ්, උමාරියා සිංහවංශ, උරේෂා රවිහාරි, රුවන් හෙට්ටිආරච්චි, රවීන් කණිෂ්ක, තනුර මධුගීත් සහ ආෂ්කා කුලතුංග යන ප්‍රවීණ ශිල්පීන් රැසක් මෙහිදී ගීතයෙන් දායකත්වය ලබා දෙති. උසස් රසවින්දනයකින් පිරි මෙම අපූර්ව සංගීත සන්ධ්‍යාව අත්විඳින ලෙස සංවිධායක මණ්ඩලය සමස්ත කලාකාමී ජනතාවට ආරාධනා කර සිටී.
















