වර්ධනය වෙමින් පවතින එල් නිනෝ (El Niño) තත්ත්වය අපගේ ජීවිත කාලය තුළ වාර්තා වන ප්‍රබලතම තත්ත්වය විය හැකි බවට බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රබල ස්වාභාවික කාලගුණික සංසිද්ධිය මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන අතර දැඩි කාලගුණික ආන්තිකයන් ඇතිවීමේ අවදානමද වැඩි කරන බව එම වාර්තා පෙන්වා දෙයි. මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන කාලගුණ විපර්යාසයන්ගේ බලපෑමද මීට එකතු වීමත් සමඟ, 2027 වසර ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර බවට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටී.














