දළදා පෙරහැර ඇතුළු ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම වැළැක්වීමට හෝ කිසිදු බාධාවක් පැනවීමට රජය කටයුතු කර නොමැති බවයි. ඊට අවශ්‍ය පහසුකම් රජය නිරන්තරයෙන් සපයන බවද හෙතෙම සඳහන් කළේය.
බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශය සහ විශේෂඥ කණ්ඩායමක් එක්ව සකස් කරන මෙම ගැසට් නිවේදනය මේ වන විට එහි අවසාන අදියරේ පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














