ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී (Siyapatha Finance PLC) සිය 66 වැනි ශාඛාව මෑතකදී ගම්පොළ ප්‍රදේශයේදී විවෘත කරන ලදී.
සියපත ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී මැතිෂ හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා මෙහෙයුම් ප්‍රධාන සංජීව ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ගම්පොළ ජිනරාජ බාලිකා මහා විද්‍යාලයේ සිසුවියක වන පසදි සරණ්ය මෙනවිය, රජයේ සහ පෞද්ගලික බැංකු නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
ගම්පොළ ප්‍රදේශයේ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ලීසිං, ස්ථාවර තැන්පත්, ඉතිරිකිරීම්, රන් ණය, ව්‍යාපාරික ණය, පුද්ගලික ණය සහ බිල්පත් ගෙවීමේ පහසුකම් (Smart Pay) ඇතුළු පුළුල් මූල්‍ය සේවා රැසක් මෙම නව ශාඛාව හරහා ලබා ගත හැකි වේ.
















