ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා 2026 (National Business Excellence Awards 2026) සම්මාන උළෙලේදී ඉදිකිරීම් අංශයේ (Construction Sector) හවුල් අනුශූරතාවය (Joint Runners-up) දිනා ගැනීමට සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී (Central Industries PLC) සමත්ව තිබේ.
uPVC ජල නළ සහ උපාංග නිෂ්පාදනය සඳහා පිළිවෙළින් SLS 147 සහ SLS 659 ප්‍රමිති සහතික මුල්වරට දිනාගත් සමාගම ලෙස ඉතිහාසගත වී ඇති සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස්, දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට ජනතාවගේ විශ්වාසය දිනූ ආයතනයකි.
සොල්වන්ට් සිමන්ට්, වැසි ජල කළමනාකරණ පද්ධති, විදුලි නළ, PE ජල නළ සහ ටැංකි, මල නොබැඳෙන වානේ ජල ටැංකි, උද්‍යාන හෝස් මෙන්ම ක්‍රිප්ටොන් විදුලි ස්විච් සහ උපාංග ඇතුළු උසස් තත්ත්වයේ නිෂ්පාදන රැසක් වෙළඳපොළට හඳුන්වා දෙමින් “ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වයේ පළමු තේරීම” ලෙස සිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යයි.














