නව ආර්ථික ක්‍රියාමාර්ග හරහා ඉරාන රජය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර දැමීමට ඇමෙරිකාව සූදානම් වන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා. ඉතිහාසයේ දරුණුතම සම්බාධක මාලාවකට යටත් වීම හේතුවෙන් ඉරානය දැවැන්ත ආර්ථික හුදකලාවකට ලක් වනු ඇති බවත්, මෙම මෙහෙයුම සඳහා රුසියාව සහ චීනය ඇතුළු ලෝක බලවතුන්ගේ සහ යුරෝපා රටවල සහාය අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව, ඉරානයේ අනුග්‍රහය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරාන රජය අතර පවතින සෘජු සබඳතාව ලෝකයට පෙන්වා දීමේ අරමුණින්, එම සංවිධානය විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යළි වර්ගීකරණය කිරීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ කුඩ්ස් බලකායේ අණ යටතේ ක්‍රියාත්මක වෙමින් ඉරාන පාලන තන්ත්‍රයට සේවය කිරීම හේතුවෙන් මෙම නව සම්බාධක පැනවීමට කටයුතු කර තිබේ.













