බංග්ලාදේශයේ හිටපු ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ ජනාධිපති ධුර පුරප්පාඩුව සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන මිර්සා ෆක්රුල් ඉස්ලාම් මීළඟ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් සිදුවූ මෙම තේරී පත්වීමේදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නියෝජනය කරන 78 හැවිරිදි අලාම්ගීර්, ඡන්ද 255ට 88ක් ලෙස වැඩි ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ බව වාර්තා වේ. 2024 වසරේ තරුණ විරෝධතා හමුවේ ෂෙයික් හසීනාගේ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු, මේ වසරේ පෙබරවාරි 12 දින පැවැති මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නැවත බලයට පැමිණි අතර, තාරික් රහ්මාන් මේ වන විට බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවයි.














