අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
“ඇය මාලිමාවක්.. අද එතුමිය අගය කරාට මම හිතන්නේ නෑ මීට අවුරුදු පනහකට හතළිහකට කලින් මේ ඇගයීම මෙසේම තිබුණා කියලා” යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. නන්දා මාලිනී මහත්මිය සිය ගීත කලාව ඔස්සේ මෙරට සමාජය සහ සංස්කෘතිය වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර සහ ඇය මුහුණ දුන් අභියෝග පිළිබඳවද ඔහු මෙහිදී සිහිපත් කළේය.















