මෙරට පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතයට අනුව, ජූනි මාසයේ 6.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජූලි මාසය වන විට 7.2% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ජූනි මාසයේ 3.3%ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය ජූලි මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 9.3% සිට ජූලි මාසයේදී 9.2%ක් දක්වා මඳක් අඩු වී තිබේ.














