CIMA (චාටර්ඩ් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය) සුදුසුකම් ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥ වෘත්තීය අධ්‍යාපන ආයතනයක් වන නනස්කා (Nanaska) හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස හිටපු CIMA ගෝලීය සභාපති ඕබ්රි ජොආකිම් (Aubrey Joachim) පත් කර තිබේ.
මූල්‍ය නායකත්වය, උපදේශන සේවා, වෘත්තීය සංවර්ධනය සහ මූල්‍ය ක්‍රියාකාරිත්වය පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පුළුල් අත්දැකීම් රැසක් ඔහු සතුව ඇත. 2009 සිට 2010 දක්වා CIMA හි ගෝලීය සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, එක්සත් රාජධානියෙන් සහ අයර්ලන්තයෙන් පිටතින් පැමිණ එම තනතුර හෙබවූ පළමු පුද්ගලයා ද වේ.
දශක තුනකට අධික කාලයක් පුරා පැතිරුණු ඔහුගේ වෘත්තීය දිවිය තුළ, සාම්ප්‍රදායික වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීමේදී මූල්‍ය අංශය ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා දී ඇත.
ඔබ්රි ජොආකිම්ගේ මෙම පත්වීම හරහා, නනස්කා ආයතනයේ ඉදිරි අනාගත දිශානතිය, වෘත්තීය අධ්‍යාපනය සහ කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ අධ්‍යාපන පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ස්වාධීන උපායමාර්ගික මඟපෙන්වීමක් හිමි වනු ඇත.














