කොළඹ, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් පුද්ගලික බැංකු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින්, රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා විශාල ආහාර පාන ඇණවුම් කර පසුව හෝටලය කාර්යබහුල වන අවස්ථාවේ එහි භාණ්ඩ සොරකම් කර පලාගිය සැකකරුවෙකු සොයා පොලිසිය මහජන සහය පතයි. කොම්පඤ්ඤවීදිය පොලිසිය සිදු කළ විමර්ශනවලදී කුරුඳුවත්ත, පෑලියගොඩ සහ නුගේගොඩ යන පොලිස් වසම්වලදීද මොහු මෙවැනිම වංචනික සොරකම් සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් ඔහුගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, මොහු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපති (071-8591561) හෝ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට (011-2433829) වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














