තමා අද (21) සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බව පවසමින් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එහිදී විවිධ අවස්ථාවල තමා කළ ප්‍රකාශවලින් යම් අයෙකුගේ සිත් රිදීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව සමාව අයැද සිටි මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේ සියලු දෙනා වෙත සිය ස්තූතිය ද පළ කර සිටියේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ තමා මෙතෙක් නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී නොමැති බවයි. තමාගේ මන්ත්‍රී ධුරයට අදාළව දැනට පවතින නඩු කටයුත්තේ තීන්දුවෙන් පසුව ඉදිරි තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.













