ඇමෙරිකාව සහ චීනය අතර පවතින භූ-දේශපාලනික උණුසුම් තත්ත්වය හමුවේ, චීනය සහ ඉන්දුනීසියාව තම හමුදාමය සබඳතා වර්ධනය කරගැනීමට මෙන්ම ඛනිජ, බලශක්ති සහ තාක්ෂණික ක්ෂේත්රවල සමීපව කටයුතු කිරීමට තීරණය කර තිබේ. චීන විදේශ අමාත්‍ය වැං යී (Wang Yi) සහ ආරක්ෂක අමාත්‍ය දොං ජුන් (Dong Jun) ජකර්තා නුවරදී ඉන්දුනීසියානු නිලධාරීන් හමුවී පැවැත්වූ සාකච්ඡාවලදී මෙම එකඟතාවට පැමිණ ඇත.
මෙහිදී දෙරට අතර කෘතිම බුද්ධිය (AI), හරිත බලශක්තිය, චන්ද්‍රිකා තාක්ෂණය සහ ආරක්ෂක ක්ෂේත්රවල සහයෝගීතාව ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර, 2027 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත පතරොම්, මිසයිල සහ රොකට් නිෂ්පාදනය කරන හවුල් පතොරම් කර්මාන්තශාලාවක් ඉන්දුනීසියාවේ ස්ථාපිත කිරීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ. ඉන්දුනීසියාවේ නිිකල්, තඹ සහ රන් ඇතුළු අපනයන ක්ෂේත්රවල ප්‍රධාන ආයෝජකයෙකු වන චීනය, ඉදිරියේදී දෙරට අතර ආරක්ෂක අභ්‍යාස සහ හමුදා නිලධාරීන් හුවමාරු කරගැනීම ද පුළුල් කිරීමට අපේක්ෂා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















