කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී සිදු වූ පැහැරගෙන යාම සහ ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට පලාගොස් සිටින චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය පතයි.
2026 ජූලි 23 වන දින පෝට් සිටි හිදී චීන ජාතිකයින් පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් පසු එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, පලාගොස් සිටින අනෙක් සැකකරුවන් සෙවීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මෙම සැකකරුවන්ගේ වීසා කාලය ද දැනට ඉක්මවා ගොස් ඇති අතර, ඔවුන් ගුවන් හෝ නෞකා මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස රටින් පලා යාමට උත්සාහ කළ හැකි බවට පොලිසිය සැක පළ කරයි.
අවශ්‍ය කරන සැකකරුවන් ලෙස ED1732871 දරන ගමන් බලපත්‍ර හිමි චෙන් හොංබිං (CHEN HONGBING), EP6558337 දරන ගමන් බලපත්‍ර හිමි ලූ ගාඕ (LU GAO) සහ EM4832130 දරන ගමන් බලපත්‍ර හිමි ෂියැං හුවාචෙං (XIANG HUACHENG) යන අය හඳුනාගෙන තිබේ. Моවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071-8591735 අංකය ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත වහාම දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
















