ඉරාන අර්බුදය හමුවේ ලෝක තෙල් ප්‍රවාහනයෙන් පස්වන පංගුවකට ආසන්න ප්‍රමාණයක් සිදු වන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව නේටෝ සංවිධානයේ සාමාජික රටවල හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. නේටෝ සංවිධානයේ උසස් හමුදාපති ජෙනරාල් ඇලෙක්සස් ග්‍රින්කෙවිච්ගේ (Alexus Grynkewich) මෙහෙයවීමෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙය නේටෝ සංවිධානයේ නිල මෙහෙයුමක් නොවන බවත්, සාමාජික රටවල් අතර පවතින සබඳතා සහ නාවික හැකියාවන් ඒකාබද්ධ කරමින් සහයෝගීතාව දැක්වීම සඳහා පමණක් මෙම හමුව පැවැත්වූ බවත් නේටෝ ප්‍රකාශකයා සඳහන් කර ඇත. ඉරාන ගැටුමට නේටෝ සංවිධානයක් ලෙස කෙලින්ම මැදිහත් වීම වැළැක්වීමට එම රටවල් කටයුතු කරමින් සිටින අතර, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය එක්ව රටවල් 12 ක පමණ සන්ධානයක් හරහා ඉදිරියේදී හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත නාවික ගමනාගමනය තහවුරු කිරීමට වෙනම වැඩපිළිවෙළක් සකස් කරමින් සිටී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















