ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සරුබිම ගම්මානයේදී අලුයම සිදු වූ බව කියන හදිසි භූ චලනයක් හේතුවෙන් නිවසකට රුපියල් ලක්ෂ පහක පමණ හානියක් සිදුව තිබේ. අලුයම 3.30ට පමණ විශාල ශබ්දයක් සමඟ මෙම තත්ත්වය ඇති වූ බව නිවසේ හිමිකරු වන එච්. එම්. කරුණාරත්න බණ්ඩා මහතා පවසයි. එහිදී නිවසේ සාලයේ සහ කෑම කාමරයේ අතුරා තිබූ සියලුම ටයිල් ගැලවී ගොස් ඇති අතර, ඉදිරිපස දොරද හදිසියේ වැසී ගොස් ඇත. කෙසේ වෙතත්, අවට වෙනත් කිසිදු නිවසකට මෙයින් හානියක් සිදුවී නොමැති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොළොන්නරුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දීමට නිවෙස් හිමියා කටයුතු කර තිබේ. මෙය සැබැවින්ම භූ චලනයක්ද යන්න පිළිබඳව අදාළ බලධාරීන් විසින් ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
















