මුරුතවෙල ජලාශයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා දියේ ගිලීමේ අවදානම පිළිබඳව දැනුවත් කිරීමට වාරිමාර්ග කාර්යාලය මගින් සවි කර තිබූ නාම පුවරු කිහිපයක් යම්කිසි පිරිසක් විසින් කඩා විනාශ කර ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, විනාශ කරන ලද නාම පුවරු කඩිනමින් නැවත සකස් කර සවි කිරීමට කටයුතු කරන බව මිද්දෙනිය පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුමිත් කුමාර මහතා ප්‍රකාශ කළේය.
ජලාශයේ ජලය සිඳී ගියද අදාළ ස්ථාන ගිලා බසින සුළු බැවින්, “පොදු දේපළ සුරකින්න වග බලා ගන්න, නැතිනම් දියේ ගිලී මිය යන්නේ ද අපේම අය” යැයි උප පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් ජනතාවට මතක් කර දුන්නේය. මේ අතර, අතීතයේ අක්කර අඩි 38,500ක් ලෙස පැවති මෙම ජලාශයේ ජල මට්ටම මේ වන විට අක්කර අඩි 3,200 දක්වා පහළ ගොස් ඇති බව වීරකැටිය ප්‍රධාන වාරී ඉංජිනේරු ගයාන් මාදුගොඩ මහතා සඳහන් කරයි.














