ස්වීඩන් රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි පාසලක සිදු වූ කඩු ප්‍රහාරයකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
ස්টොක්හෝම් නගරයට වයඹ දෙසින් පිහිටි ෆැගර්ස්ටා (Fagersta) නගරයේ බ්‍රිනෙල් (Brinell) උසස් පාසලේදී ඊයේ (21) පස්වරුවේ මෙම ප්‍රහාරය සිදුව ඇත. වයස අවුරුදු 16ත් 20ත් අතර සිසුන් 450ක් පමණ ඉගෙනුම ලබන මෙම පාසලේ පන්ති පැවැත්වෙන අවස්ථාවක 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර, සැකකරු මේ වන විට පොලිස් භාරයේ පසුවෙයි. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරී වී නොමැති අතර, වෙනත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බව පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.














