රුසියාවේ අතිශය ජනප්‍රිය ළමා කාටූන් මාලාවක් වන ‘මෂා ඇන්ඩ් ද බෙයාර්’ (Masha and the Bear) නිර්මාතෘවරුන්ට සහ බෙදාහරින්නන්ට එරෙහිව සම්බාධක පැනවීමට යුක්රේනය පියවර ගෙන තිබේ. රුසියානු “ප්‍රචාරක” මෙවලමක් ලෙස මෙම කාටූනය ක්‍රියාත්මක වන බවට චෝදනා කරමින්, එය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව යුක්රේන සංස්කෘතික අමාත්‍ය ටැටියානා බෙරෙෂ්නා (Tetyana Berezhna) එක්ස් (X) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළාය.
රුසියාවේ සංස්කෘතික විශිෂ්ට කෘතියක් ලෙස සැලකෙන මෙම කාටූනය යූ ටියුබ් (YouTube) ඔස්සේ පමණක් බිලියන ගණනින් නරඹා ඇති අතර, රටවල් 100කට ආසන්න ප්‍රමාණයක විකාශය කර ඇත. කෙසේ වෙතත්, රුසියාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් මවාපෑම හරහා මොස්කව් රජයේ මෘදු බලයේ (Soft power) මෙවලමක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවට යුක්රේනය මෙන්ම එක්සත් රාජධානිය සහ එස්තෝනියාව වැනි රටවල් ද මීට පෙර විවේචන එල්ල කර තිබුණි.
මෙම සම්බාධක හරහා යුක්රේනය තුළ මෙම අන්තර්ගතය අවහිර කිරීමට සහ ජාත්‍යන්තර වේදිකා හරහා එහි මුදල් ඉපැයීම් සහ බෙදාහැරීම් සීමා කිරීමට අවශ්‍ය නීතිමය පදනම සැකසෙන බව අමාත්‍යවරිය සඳහන් කළාය. “රුසියානු ප්‍රචාරණවලට ළමා තිර මත කිසිදු ඉඩක් නැත,” ඇය වැඩිදුරටත් පැවසුවාය. කෙසේ වෙතත්, ක්‍රෙම්ලං මාලය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම කාටූනය මඟින් “උත්කෘෂ්ට මානව ගුණාංග” ප්‍රවර්ධනය කරමින් ලෝකයම ජයගෙන ඇති බව ක්‍රෙම්ලං ප්‍රකාශක දිමitri පෙස්කොව් සඳහන් කර ඇත.














