පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝසතු 18 සහ 19 දිනවල ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මෙහිදී වැටලීම් 108ක් සිදු කර ඇති අතර, භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් ඊට ඇතුළත් වේ. සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන සහ ක්‍රීඩා පාවහන් ඇතුළු ආනයනික භාණ්ඩ රැසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, රුපියල් මිලියන 1.5කට ආසන්න වෙළඳපොළ වටිනාකමකින් යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන ඇත.
පාරිභෝගික අධිකාරියේ විධාන අංක 83 යටතේ වෙළඳුන් විසින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කළ හැකි ලිඛිත හෝ මුද්‍රිත බිල්පතක් සන්තකයේ තබාගැනීම අත්‍යවශ්‍ය වන අතර, නීතිවිරෝධී ලෙස වෙළඳපොළට ගෙන එන භාණ්ඩ මැඩපැවැත්වීම සඳහා මෙම වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.
















