ලෝකප්‍රකට මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (අගෝස්තු 22 වැනි සෙනසුරාදා) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කිරීමට නියමිතය.
පස්වරු 6:28ට යෙදී ඇති සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳගල වෙත පය තබන මොහොතින් පෙරහැර ආරම්භ වීම පැරණි සංස්කෘතික චාරිත්‍ර විධියයි. දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත් වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ මාලිගාවට ගෙවැදීමෙන් නිමාවට පත්වේ.
ශ්‍රී දළදා මාලිගය ප්රමුඛ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි පෙරහැර අලි ඇතුන්, సాంප්රදායික නැටුම් සහ හේවිසි කණ්ඩායම්වලින් සමන්විතව මෙම විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යය පැවැත්වේ.














