කිලිනොච්චිය, මුරුසමොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 3ක දරුවෙකු නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයකට යටවී ඊයේ (21) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය දරුවා සහ ඔහුගේ සහෝදරයා නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයට නැග සෙල්ලම් කරමින් සිටියදී, ඥාතියෙකු විසින් එම ට්‍රැක්ටර් රථය පණගන්වා මිදුලේ හැරවීමට කටයුතු කර ඇත. එම අවස්ථාවේ ට්‍රැක්ටර් රථයෙන් ඇදවැටුණු දරුවා පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. බරපතළ තුවාල ලැබූ දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
















