රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ ප්රශ්න කෙරෙන දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත වැල්ලම්පිටිය, සේදවත්ත ප්රදේශයේ පාළු නිවසක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැකකෙරෙන රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් ඊයේ (21) සොයාගෙන තිබේ.
ශ්රී ලංකාවෙන් පලාගොස් ඕමාන්හි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඉකුත් 18 වැනිදා දිවයිනට රැගෙන එන ලද 28 හැවිරිදි මෙම සැකකරුගෙන් සිදුකළ මූලික ප්රශ්න කිරීම්වලදී මට්ටක්කුලිය ප්රදේශයේ නිවසක සඟවා තිබූ තවත් රිවෝල්වරයක් සහ සජීවී පතරොම් 12ක් ද මීට පෙර සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
















