මෙරට සුභාවිත ගීතය සිය මෝහනීය හඬ පෞරුෂයෙන් සුගායනීය කළ, ජාතියේ යශෝරාවය, ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇයගේ අවසන් කැමැත්ත පරිදි ඉතා චාම් අයුරින් අද (22) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
අභාවප්‍රාප්ත නන්දා මාලිනියට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ පැමිණි අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන නියෝජිතයින්, කලාකරුවන් සහ රසිකයින් රැසක් ද ඇයගේ දේහයට අවසන් ගෞරව පුද කළහ. ඇයගේ වියෝව වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇති අතර, හෙට (23) දක්වා රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දන්වා තිබේ.
















