පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව විෂය භාර නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළද, එම දෙපාර්තමේන්තුව අහෝසි කර ‘ජාතික උරුම දෙපාර්තමේන්තුව’ නමින් නව ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කෙටුම්පත සහ සංකල්පීය රාමුව මේ වන විටත් සකස් කර අවසන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ಬොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අදාළ කෙටුම්පතේ පිටපත් ප්‍රදර්ශනය කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම නව පනත යටතේ පුරාවිද්‍යා ස්ථාන ඓතිහාසික කාලය අනුව වර්ගීකරණය කිරීම වෙනුවට ඒවා මහජනතාව වර්තමානයේ භාවිත කරනු ලබනවාද යන්න ඇතුළු නව නිර්ණායක යටතේ ලැයිස්තුගත කිරීමට යෝජනා කර ඇති බවයි. එපමණක් නොව, මෙම කටයුතු පළාත් සභා විෂය පනතටද ඇතුළත් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
















