හෝමුස් සමුද්‍ර සන්ධිය “ඇමෙරිකානු භූමියක්” ලෙස ප්‍රකාශ කර සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට කිසිදිනෙක න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීමට හෝ ලබාගැනීමට ඉඩ නොතබන බවට දැඩි ලෙස අවධාරණය කර තිබේ.
කලාපීය ආරක්ෂාව සහ නාවික ගමනාගමන මාර්ග පාලනය කිරීම වෙනුවෙන් ඇමෙරිකාව සිය නිශ්චිත ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම තම ප්‍රධාන අරමුණ බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.
මෙම අතිශය උණුසුම් ප්‍රකාශයත් සමග මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික සහ ආරක්ෂක තත්ත්වය තවදුරටත් දැඩි අර්බුදකාරී මුහුණුවරක් ගෙන තිබේ.
















