‘උරුමයට ජීවයක්’ පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනා ආරාම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ප්‍රකාශයට පත් කිරීමේ වැඩසටහන අනුරාධපුර – ඉපලෝගම “මානෑකන්ද” පුරාවිද්‍යා ස්ථානයේ දී ඊයේ (21) ආරම්භ විය.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසත් 10 වන සියවසත් අතර කාලයට අයත් භික්ෂූන් වහන්සේලාගේ භාවනා කටයුතු සඳහා නිර්මාණය කළ මෙම ආරාම ලෝකයේ සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ලෝක උරුම ස්ථාන 8 කට අමතරව, මානෑකන්ද, රිටිගල, අරන්කලේ සහ මාලිගාතැන්න ඇතුළු භාවනා ආරාම ස්ථාන පහක් මෙලෙස නව ලෝක උරුම නාමයෝජනා සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.
















