අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව කරුණු කිහිපයක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් ‘Fair Comment’ නමැති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය සිදු කරන ලෙස එම ආයතනයේ කර්තෘ ජසීම් ජමීල් විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇත. කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි වටිනා නිවසක් සම්බන්ධයෙන් වන කරුණු, වාහන බලපත්‍ර අවභාවිතය සහ වත්කම් ප්‍රකාශ ආදී කරුණු මුල් කරගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කරන ලෙස එම ආයතනය අවධාරණය කර සිටියි.
















