ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් ඉන්දීය මහකොමසාරිස් එච්.ඊ. සන්තෝෂ් ජා මහතා විසින් කොළඹ ඉන්දීය නිල නිවසේදී (Indian House) ඊයේ (අගෝස්තු 20) සංවිධානය කරන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයකට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහභාගී විය.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ක්‍රීඩාව හරහා ශක්තිමත් වන ජනතා සබඳතා තවදුරටත් තහවුරු කරමින්, දෙරටේ ක්‍රීඩකයන්ට සහ විශේෂ ආරාධිතයන්ට ඉතා සුහදශීලී වාතාවරණයක් තුළ අදහස් හුවමාරු කර ගැනීමට මෙම අවස්ථාව මග සැලසිණි.
















