ඊයේ (21) මධ්‍යම රාත්‍රිය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,635ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සැලකීමේදී වැඩිම අවදානමක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් 52.94%ක ප්‍රතිශතයක් (රෝගීන් 49,573ක්) වේ. ඊට අමතරව දකුණු පළාතෙන් 14.65%ක් (රෝගීන් 13,719ක්) සහ මධ්‍යම පළාතෙන් 9.05%ක් (රෝගීන් 8,476ක්) ලෙස රෝගීන් වාර්තා වී තිබේ. දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (19,945ක්) වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,588ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,786ක් වාර්තා වී ඇත. මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර, ඒ රෝගීන් 29,964ක් ලෙසිනි. ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















