අගෝස්තු 21 වන දින බුලත්සිංහල පොලිස් වසමේ බෙතේගම ප්‍රදේශයේදී බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 37, 52 සහ 67 යන වයස්වල පසුවන බුලත්සිංහල සහ දොඩම්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















