ඉතාලිය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ටියුනීසියානු වෙරළ ආසන්න මුහුදේදී ගිලී යාමෙන් ටියුනීසියානු ජාතිකයින් 13 දෙනෙකු අතුරුදන් වී තිබේ. අතුරුදන්වූවන්ගෙන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගේ එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි. එසේම, අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
















