අගෝස්තු 21 වන දින මොරටුමුල්ල පොලිස් වසමේ කටුබැද්ද ප්‍රදේශයේදී බස්නාහිර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අවුරුදු 55ක් වන කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















