අගෝස්තු 21 වන දින කඩවත පොලිස් වසමේ පුබුදුගම ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර නීතිවිරෝධී මත්පැන් ලීටර් 450ක් (බෝතල් 600ක්) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 40ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















