ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායනවේදිනී නන්දා මාලිනියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) අවසන් ගෞරව දැක්වීය. නාවල විජයබා මාවතේ පිහිටි ඒ මහත්මියගේ නිවසට ගිය හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනාට සහ පවුලේ ඥාතීන්ට තම සාෝකය පළ කළේය.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නන්දා මාලිනිය ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රයට කළ මෙහෙවර සදානුස්මරණීය වන බවයි.
















