කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාස පොලිස් භාරයේ පසුවෙන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ගෙන් අනාවරණය වෙන තොරතුරු අනුව ඔහුගේ ජාවාරම් කාර ව්‍යාපාරික කටයුතුවලට සහය දෙන දේශීය සහ විදේශීය සැකකරුවන් සිව් දෙනකු ද ඉදිරි දින කීපයේදී පොලිස් භාරයට ගැනීමට නියමිතය. මෙම පිරිස අතර දැනට ඩුබායි සිටින කාන්තාවක ද වන බව මධ්‍යම අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව බාසික් ළඟින්ම ඇසුරු කරන හිතවතියක් බව පොලිසිය කියයි. මෙම කාන්තාව පිළිබඳ ඩුබායි පොලිසියට දැනුම් දීමක් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මේ අතර බාසික්ගේ දේපළ භාරව ක්‍රියාකරන ඔහුගේ ළඟම අයකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සහ කර ඇතත් ඔහු දැනට උන්හිටි තැන් අත්හැර ගොස් ඇති බව සඳහන්ය.
මේ අතර බාසික් පරිහරණය කළ ජංගම දුරකථන සබඳතා අනුව ඔහු ඇසුරු කළ පුද්ගලයන් රැසකගේ තොරතුරු පොලිස් විමර්ශන කණ්ඩායම්වලට ලැබෙමින් පවතියි.
















