අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය රැගත් රිය පෙරහැර මේ වන විට නාවල, විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්රම පරිශ්රයෙන් ආරම්භ වී තිබේ.
මෙම රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව පස්වරු 5:00 ට අවසන් කටයුතු සහ ආදාහනය සිදු කිරීමට නියමිතව ඇත.
















