ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සංවේදී සටහන් තබමින් සිටිති. ඒ අතර සංගීතවේදී මනුරංග විජේසේකර ඇය වෙනුවෙන් තැබූ විශේෂ සහ දැඩි කතාබහට ලක් වූ සටහනක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.
දේශයේ යශෝරාවය රැන්ඩූ නන්දා මාලිනිය යනු මෙරට සංගීත කලාවට මෙන්ම සමාජීය හා දේශපාලනික වෙනස්වීම් වෙනුවෙන් නොබියව පෙනී සිටි දැවැන්ත චරිතයකි. ඇයගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයටම පුරවාලිය නොහැකි හිස්තැනක් ඉතිරි කර ඇති අතර, ඇය ගැයූ අමරණීය ගීත සහ ඇය දැරූ නිර්භීත කලාත්මක භූමිකාව සදාකාලිකවම ජනතා හදවත් තුළ රැඳී පවතිනු ඇත.














