මුරුතවෙල ජලාශයට පැමිණෙන ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා දියේ ගිලීමේ අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් වාරිමාර්ග කාර්යාලය මගින් සවි කර තිබූ නාම පුවරු යම්කිසි පිරිසක් විසින් කඩා විනාශ කර ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි.
ඒ පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, කඩා විනාශ කරන ලද නාම පුවරු නැවත සකස් කර සවි කිරීමට කටයුතු කරමින් පවතින බව මිද්දෙනිය පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුමිත් කුමාර මහතා සඳහන් කළේය.
“පොදු දේපළ සුරකින්න වග බලා ගන්න, නැතිනම් දියේ ගිලී මිය යන්නේ ද අපේම අය” යැයි වැඩිදුරටත් අවධාරණය කළ ඒ මහතා, ජලාශයේ ජලය සිඳී ගියද එම ස්ථාන තවදුරටත් ගිලා බසින සුළු ස්වභාවයක පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී. වීරකැටිය ප්‍රධාන වාරී ඉංජිනේරු ගයාන් මාදුගොඩ මහතා පෙන්වා දෙන පරිදි, අතීතයේ අක්කර අඩි 38,500ක්ව පැවති මුරුතවෙල ජලාශයේ ජල මට්ටම මේ වන විට අක්කර අඩි 3,200 දක්වා පහළ ගොස් ඇත.
















