පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක කොටසක් ලෙස, දේශීය තේ කර්මාන්තය වෙනුවෙන් යහපත් කෘෂිකාර්මික භාවිතයන් (GAP) සහ යහපත් නිෂ්පාදන භාවිතයන් (GMP) සහතිකකරණය 2027 වසරේ සිට හඳුන්වා දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම සහතිකකරණ ක්‍රියාවලිය හඳුන්වා දීම තුළින් ලෝක වෙළඳපොළ තුළ ‘සිංහ ලාංඡන තේ’ (Ceylon Tea) සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට මෙන්ම, වඩා හොඳ නිෂ්පාදන ප්‍රමිතීන් සහිත නිෂ්පාදනයක් ලෙස එය ලෝකයට හඳුන්වා දීමට හැකි වනු ඇත. කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන වැඩසටහන් සමඟ සමගාමීව මෙම සහතිකකරණ ක්‍රියාවලිය ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















