ජාතික ජන බලවේගයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික්කය පුරා විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, දැනට පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ සූදානමක් නොමැති බවයි. එසේ වුවද, ජාතික ජන බලවේගය විසින් මෙවැනි වැඩපිළිවෙළක් දියත් කර ඇත්තේ වර්තමාන දේශපාලනය තුළ විපක්ෂය ඉතා දුර්වල මට්ටමක පවතින පසුබිමක් තුළ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. ලබන 5 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රචාරණ ව්‍යාපාරය කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වීමට නියමිතය.
















