යාල වන උද්‍යානය තුළ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුත් ඇත්ගල්පව්ව (අලිගල) සහ එහි මස්තකයේ පිහිටි ආකාස චෛත්‍යය පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු කර තිබේ. ක්‍රිස්තු පූර්ව III වන සියවසේ මහානාග රජු විසින් කරවන ලද මෙම පුණ්‍ය භූමිය සිතුල්පව්ව රාජ මහා විහාර සංකීර්ණයේම කොටසක් ලෙස සැලකෙන අතර, දුටුගැමුණු මහරජුගේ පිලිසිඳගැනීමට සම්බන්ධ ඓතිහාසික තොරතුරු ද මෙම ස්ථානය සමඟ බැඳී පවතී.
වර්තමානයේ මෙම සංවේදී කලාපය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් සැඟවී ඇති නමුත්, වනජීවී දෙපාර්තමේන්තුවේ නීති රීති හේතුවෙන් භික්ෂූන් වහන්සේට හෝ බැතිමතුන්ට එම ස්ථානයට පිවිසීමට පවතින අපහසුතා මෙන්ම නිධන් හොරුන් විසින් මෙම ඓතිහාසික ස්ථාන වලට සිදු කර ඇති විනාශයන් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කර ඇත.
















